Saturday, February 6, 2016

පෙම්වතාගේ ගීතය

නෝලිම්ට්
ෆැෂන් බග්
හවුස් ඔෆ්
ෆැෂන් යං

පිටකොටුව
පමුනුවට
ඕන මගුලකට
යං

කාර් පාර්ක්!
පාර බ්ලොක්!
Leave it to
මං

හැටක් තෝරල
පහක් බේරල
එකක්වත්
ගනියිනං....!!!

සිල්

පස්පව් අකුසල් වරුවක පන්නා
අටසිල් දසසිල් සුවයෙන් උන්නා

"ලේ"

ගෙරි හම්බ ලේ
පර දෙම ලේ
අඩෝ අපි සිංහ ලේ
කෝ බං මිනිස් "ලේ"

නෙදැන නිසි පමන රකිනු කෙලෙසද දහම

දවන සිත තවන
පවන
බුදුදහම
නොදැන අග
මුලම
සැලෙන සිත්
අමන
දැක නොදැක
ලෙසින්
කෙලෙස ඉවසං
ඉම්ද
සසර දුර
නොදැන
කෙලෙස් ලඟ
ඇලෙන
සබඳ නුඹ
කිමද
නිරය මෙ ලොවම
මවන